ඉන්දියාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් හේතුවෙන් ආරක්ෂාව දැඩි කරයි

views 360 2018-01-26 09:39:00 world

ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර් ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරිමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
 
කාන්තාවක් විසින් මරාගෙන මැරනෙ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට සූදානමක් පවතින බවට එරට බුද්ධි  අංශවලට ලද තොරතුරු මත මෙලෙස ආරක්ෂාව දැඩි කිරිමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ජනරජ දිනය අදට යෙදී ඇති අතර එම උත්සවය ජම්මුහි මුලානා අසාජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබේ.

එම ප්‍රදේශයට පිවිසිය හැකි සියලු ප්‍රවේශ මාර්ගවල ආරක්ෂාව දැඩි කර ඇති බව සඳහන්ය.

අදාළ  ප්‍රදේශයේට ඇතුළුවීම අවසර ලත් පුද්ගලයින්ට පමණක් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post