ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

views 95 2018-01-14 01:14:00 world

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිර වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පළමු වරට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා පැය 03 ක වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබේ.

ජනාධිපතිවරයා මානසික රෝගී තත්ත්වයක පසුවන බවට මිෂෙල් වුල්ෆ් නැමැත්තා විසින් රචිත කෘතියක සදහන් වීම හේතුවෙන් 71 හැවිරිදි ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය  තත්ත්වය පිළිබඳ සැක මතුව තිබිණි.

කෙසේවුවද ලබන අඟහරුවාදා ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරන බව ධවල මන්දිර ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post