පෑනක් ලෙස සැකසූ පිස්තෝලයක් සහ තවත් ගිනිඅවි සමග කොටු වූ සැකකරු (PHOTO)

views 109 2018-01-14 12:23:00 news

කරන්දෙණිය ප‍්‍රදේශයේ දී ගිනි අවි කිහිපයක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඇල්පිටිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

සැකකරු සතුව තිබී පෑනක් ලෙස සැකසූ පිස්තෝලයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, බෝර 12 ගිනි අවියක් සහ අත් බෝම්බයක් ද සොයා ගැණුනා.

මෙම සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානම් වූවෙක්ද යන්න පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පළ කරනවා. ඒ අනුව මේ වනවිට ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post