"ඇත් දළ කෑලි එක්ක කට්ටඩියෙක් අල්ලයි (ඡායා)"

views 100 2018-01-14 10:59:00 news

ඇත් දළ කොටස් කීපයක් ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු නාත්තන්ඩිය - පහල තබ්බෝව, මාවිල ප්‍රදේශයේදී මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38 ක් වන මන්ත්‍රාචාර්යවරයෙකුව බව මාරවිල පොලීසිය සදහන් කරයි.

පිරිසිදු කර සකස් කරන ලද ඇත් දළයක කොටසක් සහ ඇත් දළයකින් සකස් කරන ලද පෙන්ඩනයක්ද සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ඇත් දළ කොටස් තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුණු ඒවා බව සැකකරු පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

මාරවිල පොලීසියෙ දැණුම්දීම මත වන ජීවී නිලධාරීන්ද පැමිණ මෙම ඇත් දළ කොටස් පරීක්ෂා කර ඇති අතර මෙම ඇත් දළ කොටස් කුඩා ප්‍රමාණයේ ඇතෙකුගේ වන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පලකර තිබේ.
සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් විමර්ශණ කටයුතු කරගෙන යනු ලබයි.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post