රසල් ආර්නල්ඩ් 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ විස්තර විචාරයට තෝරා ගනී

views 227 2018-01-12 05:05:00 news

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක මඩුල්ල ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, අනුව ශ්‍රී ලංකාවේ රසල් ආර්නල්ඩ් මෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් නායිකා අන්ජුම් චොප්රා ද ඊට ඇතුළත්.

නවසිලන්තයේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරය සඳහා තෝරා ගත් පිරිස අතරට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි ද නම් කර තිබේ.

හිටපු ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක ටොන් මූඩි ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ විස්තර විචාරක මඩුල්ලට ඇතුළත් ය.

බටහිර ඉන්දීය කොදෙව්හී ඉයන් බිෂොප්, නවසීලන්තයේ ඩැනී මොරිසන්, එංගලන්තයේ නික් නයිට් ද මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාර කටයුතු සඳහා එක් වේ.
ඊට නම් කළ එකම කාන්තාව වන්නේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායිකා අන්ජුම් චොප්රා.

2005 වසරේදී ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කරා රැගෙන ආවේ ඇගේ නායකත්වය යටතේදී ය.
ඉන්දියාව වෙනුවෙන් දෙවැනියට වැඩිම එක්දින ලකුනු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව වන අන්ජුම් චොප්රා එක්දින ලකුණු 2,856ක් රැස් කරගෙන සිටියා ය.


(under the courtesy of newsfirst.lk web)

පුවත්

Recent Post