DFCC තෑගි සමග නව වසර අරඹයි

views 549 2018-01-04 02:26:00 business

ඉතිරිකිරීමේ පුරුද්ද ජනතාව අතරට ගෙන යාමේ අධිෂ්ඨානය සමග DFCC බැංකුව විසින් 2018 නව වසරට වාසි රැසක් ලබාදෙන නව ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වාදී තිබේ.
 
‘DFCC Season of Gifts’ ලෙස නම් කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජනවාරි මාසේ පළමු දෙදින තුළදී වර්ධන ජූනියර් ළමා ඉතිරිකිරීම් ආරම්භ කළ ගණුදෙනුකරුවන් හට රු.2,500ක් හා ලිපිද්‍රව්‍ය ත්‍යාග පාර්සලක් හිමිවිය.
 
මේ අතර, 2018 ජනවාරි මාසය තුළදී DFCC ගිණුම් අරඹන ජේ‍යෂ්ට පුරවැසියන් හට ද  විශාල තෑගි වවුචර හිමිවේ.
 
තවද, මෙම වැඩසටහන පවත්වන කාලය තුළදී රු. 2,500ක් හෝ වැඩි මුදලක් තැන්පත් කරන ගණුදෙනුකරුවන් හට DFCC ශාඛා වල ඇති "වාසනා චක්‍රය" කරකවා වටිනා තෑගි දිනා ගත හැකි වනු ඇත.
 
DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ මෙසේය.
 
“DFCC Season of Gifts ප්‍රවර්ධන වැඩසටහන මගින් සෑම පවුලක්ම DFCC බැංකු ශාඛාව වෙත පැමිණ විශේෂ දීමනා ලබාගැනීමට උනන්දු කරවයි. වසර 60 ක මූල්‍ය විශේෂඥතාවයක් සහිත මූල්‍ය ආයතනයක් ලෙස DFCC බැංකුව ඉතුරුම් ප්‍රවර්ධනය දිගටම සිදුකරගෙන යන අතර නව වසර සඳහා ඥානාන්විත ආරම්භයක් ලබා දෙනු ඇත.”



(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post