"මටත් අධ්‍යක්ෂවරුන්ගෙන් අයුතු යෝජනා ඇවිත් තියෙනවා, මගේ අතිනුත් වැරදි වෙලා ඇති" රුක්ෂානා

views 218 2017-12-07 03:09:00 news

“මේ දවස්වල කාවිංග මගේ දේපළ සියල්ල හුරාගෙන කනවා..”
”මොකද මට පෙම්වතෙක් ඉන්න නිසා”

ජනප්‍රිය නිළි රුක්ෂනා දිසානායක මේ දිනවල දී පුංචි තිරයෙන් නිතර දකින්න ලැබෙනවා. ඇය පසුගිය දිනෙක මාධ්‍ය වෙත සිය කලා ජීවිතයේ අලුත් තොරතුරු සහ පුද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු රැසක් කියලා තිබුණා. ඒ මෙන්න මේ විදිහට….

කොහොමද රුක්ෂානා.. මේ දවස්වල කාර්ය බහුල නිළියක් ද..?
හොඳින් ඉන්නවා.ටිකක් කාර්ය බහුලයි නිර්මාණ වැඩ කටයුතු එක්ක.

මේ දවස්වල වැඩිපුර දකින්න ලැබෙනවා නේද..?
ඔව්. මේ දවස්වල මම සම්බන්ධ වෙන නාට්‍ය හතරක්ම විකාශය වෙනවා. ඒ නිසා මාව මේ දවස්වල වැඩිපුර දකින්න ලැබෙනවා.

හිරු රූපවාහිණියේ විකාශය වන මල් හතයි නාට්‍ය ඔබව ප්‍රධාන චරිතයකින් දකින්න ලැබුණු ප්‍රථම අවස්ථාව කිව්වොත්..?
මම රංගනයට ඇවිත් අවුරුදු පහමාරක් විතර වෙනවා. නමුත් මාව ප්‍රධාන චරිතයකින් දකින්න ලැබුණේ නැහැ. පුංචි පුංචි චරිත කළේ. හිරු නාලිකාවෙ විකාශය වෙන මල් හතයි නාට්‍යයයේ තමයි මාව ප්‍රධාන චරිතයකින් දකින්න ලැබෙන්නේ. ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මේ දවස්වල ඒ චරිතයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. හුඟක් අය ඒ චරිතය ගැන කතා කරනවා.

මේ දවස්වල කාවිංගගේ ආදරේට පැටලිලා දේපොළ පවා නැති කරගෙන නේද..?
මේ දවස්වල කාවිංග මගේ දේපළ සේරම හුරාගෙන කනවා. තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ.

මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයින්ට වඩා පොඩි ළමයින්ගෙන් කියන්නේ ඇත්ත ද..?
ඔව්. මට හැමදාම ප්‍රතිචාර වැඩිපුරම ලැබුණේ පොඩි ළමයින්ගෙන්. කොහේ දැක්කත් පොඩි ළමයි දුවගෙන ඇවිත් මට කතා කරනවා. අඳුරගෙන විස්තර අහනවා.

දැන් බොහෝ දෙනෙක් දන්න චරිතයක් නිසා ජනප්‍රිය නළුවන්ගෙන් ආදරයට ඇරයුම් ලබනවා ඇති..?
මට නම් තවම නළුවෙක් ආදරෙයි කියලා නැහැ. මොකද මට පෙම්වතෙක් ඉන්න නිසා. මට එයාගේ ආදරේ ලැබෙන නිසා වෙන කෙනෙක්ගේ ආදරේ වුවමනා වෙලත් නැහැ.

නිළියන්ට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් අයුතු යෝජනා ගෙන එනවා කියලා බොහෝ දෙනා චෝදනා කර තිබුණා. ඔබටත් එවැනි යෝජනා ඇවිත් තිබෙනව ද…?
මටත් අධ්‍යක්ෂවරුන්ගෙන් අයුතු යෝජනා ඇවිත් තියෙනවා.. නැහැ කිව්වොත් ඒක බොරුවක්. නමුත් හරි දේ අපි තෝරා ගන්න ඕන. මම මේ ක්ෂේත්‍රයට ආවේ අහම්බයකින්වත් ආරාධනා ලැබිලාවත් නෙමෙයි. මම දන්න නිෂ්පාදක මහත්මයෙක්ගෙන් රඟපාන්න අවස්ථාවක් දෙනවද කියලා අහලයි. මම නිළියක් වෙන්නේ ඔහු හරහා ලැබෙන උදව්ව නිසා. ඒ නිසා මම අමාරුවෙන් ගොඩනගාගත් දේ නැති කර ගන්න මම කැමති නැහැ. ඒ නිසා මම හරියට පරිස්සම් වෙනවා.

නිළියක් වුණාට පස්සෙ ද පෙම්වතෙකුගේ ආදරේ ලැබුණේ..?
එයාව මම සෑහෙන කාලෙක ඉඳලා දන්නවා. අපි යාළුවො විදිහට ආශ්‍රය කළා. නමුත් ඔහු මගේ පෙම්වතා වුණේ නම් මම නිළියක් වුණාට පස්සේ.

පෙම්වතා කිව්වොත් දැන් රඟපෑවා ඇති රඟපෑමෙන් අයින් වෙන්න කියලා.. රඟපෑමද තෝරා ගන්නේ පෙම්වතාව ද..?
මම දන්නවා මම අමාරුවෙන් ගොඩ නගාගත් රංගන ජීවිතේට එයාගෙන් නීති වැටෙන්නේ නැහැ කියලා. ඒක මට විශ්වාසයි. කොහොම නමුත් මට එහෙම කිව්වොත් මම මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව අතහැරලා රඟපෑම තෝරා ගන්නවා. එහෙම වෙන එකක් නැහැ කියලා මම හිතනවා.

ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්..?
හොඳ සහයෝගයක් ලැබෙනවා. සමහර වෙලාවට මගෙන් වරදක් වුණොත් ඒ වැරැද්ද පෙන්නලා දෙනවා. හොඳ නරක කියනවා.

එතකොට දෙමාපියන්..?
මට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. මේ තුන්දෙනාම හරි කැමතියි මම රඟපානවට. මට වැඩිපුරම උදව් ලැබෙන්නේ නම් අම්මාගෙන් තමයි. මම අනවශ්‍ය විලාසිතාවක් කරත් ඒක මට ගැලපෙන්නේ නැත්තම් මට කියනවා. මගේ වැරදි තිබ්බොත් මම ඒවා හදා ගන්නවා. මම නිළියක් වුණා කියලා එයාලා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ නැහැ.

රුක්ෂානට ඕනෑම චරිතයක් භාර ගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා කියලා හිතනව ද..?
මම එහෙම හිතන්නේ නැහැ. මට ලැබෙන චරිතවලින් මට රඟපාන්න පුළුවන් චරිත තමයි මම භාර ගන්නේ. තවම මම රංගනය ගැන ඉගෙන ගන්න ගමන් අත්දැකීම් ලබා ගන්න ගමන් මේ ගමන යන්නේ.

ගැහැණියක් කියන්නේ චරිතවත් ව ජිවත් වෙන්න ඕන චරිතයක්. එහෙම නොවුණොත් කටකතා හැදෙන්න පුළුවන්. ඔබට එහෙම දෙයක් වුණොත්..?
අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. වැරදි වෙන්න පුළුවන්. මගේ අතිනුත් වැරදි වෙලා ඇති. නමුත් මම කරන්නේ වරදක් කියලා තේරුණොත් මම ඒ වැරැද්ද හදා ගන්න ඕන. මම හිතන්නේ එහෙමයි. මට නම් තවම කටකතා හැදිලා නැහැ මම දැණුවත්ව. එහෙම නොවන විදිහට ජිවත් වුණොත් හරි.

අලුත් නිර්මාණ ගැන කිව්වොත්..?
මම සම්බන්ධ වුණු චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. වෙළෙඳ දැන්වීම්වලට නම් මට ආරාධනා ලැබෙන්නේ නැති තරම්. රූප රචනාවලට ආරාධනා ලැබුණොත් මම මාසෙකට දෙකක් වගේ කරනවා.

(under the courtesy of hitnews.lk news web)

පුවත්

Recent Post