දුම්රිය අනතුරකින් පුද්ගලයින් 40ට තුවාලයි

views 118 2017-12-06 09:44:00 world

දුම්රිය අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

ජර්මනියේ මඟී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ජර්මනියේ මිර්බුෂ් දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් කිසිඳු  ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අනතුර සිදු වන අවස්ථාවේ දුම්රියේ මඟීන් 150 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post