එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් උතුරු කොරියා යයි

views 128 2017-12-05 12:12:00 world

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවට ගොස් තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මෙලෙස සිව්දින නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවට ගොස් ඇති අතර එහිදී ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම නිලයක් දරන අමෙරිකානු ජාතිකයාද වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් උතුරු කොරියාවේ සංචාරය කිරීම දුර්ලභ සිදුවීමක් වන අතර අවසන් වරට එම සංවිධානයේ නියෝජිතයෙකු උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වී ඇත්තේ මීට වසර 06 කට පමණ පෙර බව සඳහන්ය.

ෆෙල්ට්මන් සිය සංචාරය තුළදී උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ නියෝජතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති නමුත් උතුරු කොරියානු නායකයා හමුවීමට සැළසුම් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post