කිමිදෙන්න ගිහින් මෝරා කාලා අවසන් ගමන් යයි

views 589 2017-12-04 09:20:00 world

මුහදේ කිමිදීම සඳහා ගිය කාන්තාවක මෝරෙකුගේ සපාකෑමක් හේතුවෙන් මියගොස් තිබේ.

කොස්ටාරිකා දූපත ආසන්නයේදී 49 හැවිරිදි අමෙරිකානු ජාතික කාන්තාවක් තවත් පිරිසක් හා පුහුණුකරුවෙකු සමඟ මුහුදේ කිමිදීම සඳහා ගොස් ඇති අතර එහිදී මෝරෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තමන් යටතේ කිමීදීමට පුහුණුවන පිරිස වෙතට මෝරා එනු දැක ඇති පුහුණුකරු මෝරා පලවා හැරීමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.

එහිදී පුහුණුකරු ද මෝරාගේ සපාකෑමට ලක්ව ඇති නමුත් ඔහු දිවි බේරාගැනීමට සමත්ව තිබේ.

කෙසේවෙතත් මෝරා විසින් අදාළ කාන්තාව ගොදුරු කරගෙන ඇති අතර ඇය මෝරාගෙන් මුදාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ ද ඒ වන විටත් මියගොස් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post