උතුරු කොරියාව වැඩ වරද්දා ගනී - පනවා ඇති සම්බාධක තවදුරටත් පුළුල් කරයි

views 688 2017-11-21 09:33:00 world

උතුරු කොරියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් ලෙස යළි නම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් උතුරු කොරියාව සඳහා පනවා ඇති සම්බාධක තවදුරටත් පුළුල් කිරීමට සිදුවනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අද දිනයේ සිදුකිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ඇතුළත් ලැයිස්තුවෙන් උතුරු කොරියාව මීට වසර නවයකට පෙර ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනු ලැබීය.   

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post