” බීර මිල අඩු කිරීමට ගත් තීරණය වහාම අවලංගු කරන්න” – පාලිත අබේකෝන්

views 127 2017-11-15 11:10:00 news

මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් තීරණය අනතුරුදායක බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

එනම් මෙම තීරණය හේතුයෙන් කාන්තාවන් සහ ළමුන් බීර පානයට යොමු කරවන්නක් බවට සමාජය පුරා පැතිර ඇති මතය දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියද අනුමත කර ඇති අතර එම තිරණය වහාම අවලංගු කරන්නැයි ඔහු ඉල්ලා

ඒ අනුව ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපති වරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ

(under the courtesy of hitnews.lk news web)

පුවත්

Recent Post