නාවික හමුදාධිපති සහ කතානායකවරයා අතර හමුවක්

views 534 2017-11-15 10:03:00 news

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (14) පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා හමුවිය. නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් රණසිංහ මහතා කතානායක හමු වූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

එහිදී, කතානායකවරයා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභපැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.
 
එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

(under the courtesy of news.lk news web)

පුවත්

Recent Post