හිටපු ජනපති පොලිස් මූලස්ථානයට බාරවෙයි

views 227 2017-11-07 09:57:00 world

ස්පාඤ්ඤය විසින් බලයෙන් පහ කරන ලද කැටලෝනියාවේ හිටපු ජනාධිපතිවරයා බෙල්ජියම් පොලිස් මූලස්ථානයට භාරවී තිබේ.
 
ඔහු සමඟ ඔහුගේ හිටපු උපදේශකවරුන් සිව් දෙනෙකු ද බෙල්ජියම් පොලිස් මූලස්ථානය වෙත ඉරිදා පස්වරුවේ භාරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
කැටලෝනියාවේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ස්පාඤ්ඤය විසින් වරෙන්තු ද නිකුත් කර තිබේ.
 
කැටලෝනියාවේ නිදහස තීන්දු කෙරෙන ජනමත විචාරණයකින් අනතුරුව කැටලෝනියාවේ හිටපු ජනාධිපතිවරයා බ්‍රසල්ස් නුවට පලාගොස් තිබිණි.

කෙසේවෙතත් එම ජනමත විමසුම ස්පාඤ්ඤය ව්‍යවස්ථාවට පටහැනි බවට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පසුගියදා තීන්දු කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post