දිවයින වටා මුහුදේ සුළං වර්ධනයක්

views 159 2017-10-13 04:32:00 news

දිවයින වටා සහ බෙංගා බොක්ක මුහුදු කලාපයේ  සුළං තත්ත්වයේ වර්ධනයක් හෙට සවස් කාලෙ සිට වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයින වටා මුහුද තරමක රළු වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ හකොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්වෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රවශවල විටින් විට වැසි හහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ප්‍රවනතාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අවස්ථාවේ දී මුහුදේ සුළං වේගය පැයට කිලෝ මීටර 50ත් 60ත් අතර විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.



(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post