වෙල්ගම සහ අලුත්ගමගේ ශ්‍රී ලනිප සංවිධායක ධුරවලින් ඉවතට

views 206 2017-10-13 01:44:00 news

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන පුද්ගලයින් ඊයේ (12) පස්වරුවේ සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.

කුමාර වෙල්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ අතර මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ධුරය හෙබවී ය.

පුරප්පාඩු වූ ආසන සංවිධායක ධුරයන් සඳහා නව සංවිධායකවරු පත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහාන් කරයි.

ඒ අනුව මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එච්. ඒ. රණසිංහ නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායක ලෙස පත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත්‍ර අභයධීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් ආසන සංවිධායකයින් කීප දෙනෙක් ම ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන විසින් පත් කළ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Hitnews.lk

පුවත්

Recent Post