පොලිතින් ආදේශක වෙළඳ පොලට..

views 206 2017-10-13 01:28:00 news

පරිසර හානි අවම කරන පොලිතින් ආදේශක මේ වනවිට දේශිය වෙළඳපොලට ලැබෙමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි අපද්‍රව්‍ය කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර පැවසුවේ දේශිය වශයෙන් ද එවැනි නිෂ්පාදන සිදු කිරීම මේ වනව විට ආරම්භ කර ඇති බවයි.

ඒ පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර කියා සිටියේ ලබන ජනවාරි මස සිට තහනම් පොලිතින් වර්ග හා තහනම් භාණ්ඩ පරිසරයෙන් ඉවත් කළ හැකි බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි පැවසුවේ මීට අදාළ නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කරන බවයි.


(under the courtesy of nethfm news web)

පුවත්

Recent Post