කසළ තේ තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

views 67 2017-10-13 11:16:00 news

හැටන්, දික්ඔය ප්‍රදේශයේදී කසළ තේ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ටිපර් රථයක් මගින් කසළ තේ තොගය ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ය.

ඔවුන් සතුව තිබී හමුවූ කසළ තේ ප්‍රමාණය කිලෝග්රෑම් 7,110කි.

සැකකරුවන් අවුරුදු 37 සහ 36 යන වයස්වල පසුවන ආගරපතන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

පුවත්

Recent Post