අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සමඟ කතක් අත්අඩංගුවට

views 195 2017-10-13 11:14:00 news

අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සමඟ ශ්‍රී ලාංකීය කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වු මෙම කාන්තාව ඉන්දියාවේ චෙන්නායිවල සිට UL126 දරණ ගුවන් යානයෙන් අද අලුයට 4.30ට පමණ ලංකාවට පැමීණ ඇත.

මෙහිදී ඇයගේ අත් බෑගයේ තීබි මෙම මුදල් සොයා ගෙන ඇති අතර එය ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස වාර්තා වෙයි.

අදාළ මුදල් සම්බන්ධයෙන් රේගුවට නොදන්වා රැගෙන යමින් සිටි වරදට ඇය අත්අඩංගුවට පත්ව ඇති අතර මුදල් රාජසන්තක කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දඩ මුදලක් නියම කර නොමැති බව ද රේගු නිලධාරීන් පවසයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post