කල්මුණේ බහින් බස්වීමක් ඝාතනයකින් කෙළවර වෙයි

views 123 2017-10-13 10:37:00 news

කල්මුණේ, කල්මුණකුඩි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව ය.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි කල්මුණේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

පුවත්

Recent Post