වැල්ලම්පිටියේ තේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්

views 83 2017-10-13 10:35:00 news

කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ තේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා ආපදා රථ 8 ක් පිටත් කර යැවූ බව ය.

මේ වනවිට ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

පුවත්

Recent Post