ඇමැති සමරවීරගේ නිවසට හොරු පනී - භාණ්ඩ රැසක් අතුරුදන්

views 242 2017-10-12 04:00:00 news

තලංගම, හෝකන්දර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ නිවසේ තිබූ විදුලි උපකරණ සහ භාණ්ඩ තොගයක් සොරකම් කළ තරුණයෙකු පොලීසිය අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර - දකුණ පුංචි වැල්ලන්ගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු වේ.

ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.

මුදල් සොයාගැනීම සඳහා එලෙස සොරගත් භාණ්ඩ තොගයෙන් කොටසක් සැකකරු විසින් අලෙවි කර ඇතැයිද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

(under the courtesy of asianmirror news web)

පුවත්

Recent Post