ශ්‍රී ලංකා - පකිස්ථාන දිවා රාත්‍රී ගැටුම අද

views 496 2017-10-06 10:09:00 sport

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද(6) ඩුබායි හිදී ආරම්භවේ.

පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 05.00ට පමණ ආරම්භවිමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලියේ එකට බිංදුවක් ලෙස පෙරමුණේ පසුවන අතර මීට පෙර පකිස්ථාන කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නොතිබීම කැපී පෙනේ.

අද ආරම්භ වන තරඟය ශ්‍රී ලංකා  කණ්ඩායම ජයගත හොත් පකිස්ථාන කණ්ඩායමට 07 වන ස්ථානයට පත්විමට සිදු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට 06 වන ස්ථානය ලබාගත හැකි වේ.

අද තරගය සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට සධීර සමරවික්‍රම ටෙස්ට් වරම් හිමිකර  ගනු ඇති බව වාර්තාවේ.

පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් හසන් අලී වෙනුවට වහාබ් රියාස් කැඳවීමට නියමිතය.



(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post