නවසීලන්ත - ඉන්දීය තරගයෙන් ඉන්දියාවට ජය

views 202 2017-10-04 10:34:00 sport

නවසීලන්ත ඒ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 26ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය ඒ කණ්ඩායම සමත්ව තිබේ.

ඉන්දියාවේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු ඉනිම සඳහා එම කණ්ඩායම ලකුණු 211ක් රැස් කළේය.

නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් ජීත් රාවල් ලකුණු 48ක් ද, කොලින් මුන්රෝ ලකුණු 65ක් ද රැස් කළහ.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 447ක් රැස් කළේය.

අන්කිට් බවුනේ නොදැවී ලකුණු 162යි.

ශ්‍රීයාස් අයියර් ලකුණු 82යි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නවසීලන්ත ඒ කණ්ඩායමට දෙවන ඉනිම සඳහා ලකුණු 236ක් රැස්කරගත යුතුව තිබුණි.

එහෙත් ඔවුන්ට දෙවන ඉනිම සඳහා සියළු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 210ක් පමණි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post