ශ්‍රී නගර් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

views 369 2017-10-03 10:27:00 world

ඉන්දියාවේ ශ්‍රී නගර් හි පිහිටි හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අද අළුයම 04ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර මේ වන විටත් ප්‍රහාරකයින් අදාළ කඳවුර පරිශ්‍රයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

ඉන්දීය ආරක්ෂක අංශ ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැක පළවී තිබේ.

ප්‍රහාරකයින්ගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති අතර කවුරුන් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇත්ද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post