දකුණු අප්‍රිකාවට ලකුණු 333 ක විශිෂ්ඨ ජයක්

views 191 2017-10-03 10:21:00 sport

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 333ක ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ(02) සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 496ක් ලබා සිටියදි පන්දුවට පහරදීමේ අවස්ථාව බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 320ක් ලබා ගත්තේය.

දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 247ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රිඩකයින් ලකුණු 90කට දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

පන්දු යැවීමේදී කේෂාව් මහාරාජ් කඩුලු 04ක් සහ කගීසෝ රබාඩා කඩුලු 03ක් බිද හෙළීය.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post