රටට ගෞරවයක් ගෙන ඒමට දුරදිග නොසිතා කළ වැඩෙන් රටට විශාල කැළලක්, ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ සා‍රීය පතුරු ගැසු හැටි..

views 480 2017-09-23 02:14:00 news

මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනමාලියගේ සාරී පොට එසවීම සදහා නිල ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීම මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.  ජාතික ළමාරක්‍ෂක අධිකාරිය මගින් සිදුවීම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කිරීමට තරම් සිදුවීම දුරදිග ගොස් ඇත.

අලවතුගොඩ සරත් ඒකනායක විදුහලේ පාසල් දරුවන් 250ක් පමණ මෙලෙස සාරි පොට එසවීමට යොදාගෙන තිබුනු අතර ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක්‌ මත පරීක්‍ෂණයක්ද  ආරම්භ කළ බව ළමාරක්‍ෂක අධිකාරිය පවසනවා.

කෙසේ වෙතත් ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණ ඇතිව සිදු කළ මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවට ගෞරවයක් ලැබීම කෙසේ වෙතත් සිදුවීම වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍යයයෙන් ශ්‍රි ලංකාවට එල්ල වී ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

ටෙලිග්‍රාෆ් වැනි පිළිගත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වෙබ් අඩවි සිදුවීම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ  ළමා මෙහෙකාර සේවයක් ලෙසය. මීට අමතරව ගාඩියන් , ප්‍රංශ පුවත් සේවය ඇතුලු ජාත්‍යන්තර මාධ්‍යයද සිදුවීම එලෙසම වාර්තා කර තිබුනි.

එක්සත් ජාතීන්ගේ ළමයින් පිළිබද ප්‍රාඥාප්තියට අනුව ළමා මෙහෙකාර සේවය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත්තේ වසර ගණනකට පෙරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හා ළමා අයිතිවාසිකම් ප්‍රාඥාප්ති නොසලකා ශ්‍රී ලංකාවේ තවමත් ළමා මෙහෙකාර සේවය සිදුවන බවට ඉගි රැසක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනු දැක ගත හැකි වූ අතර සිදුවීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ විශාල අපකීර්තීයකට ලක්වූ බව මානව හිමිකම් විශාරදයන් පවසයි.

ජාත්‍යන්තර මාධ්‍යය දිගම සාරීයේ සිදුවීම වාර්තා කර තිබූ අන්දම

පුවත්

Recent Post