පළායන සැකකරුවෙකුට තැබූ පොලිස් වෙඩිල්ල වැරදි තැනකට වදී - Video

views 1007 2017-08-16 11:56:00 news

වේයන්ගොඩ ගුවන්පාලම අසලදී ඊයේ (15) පස්වරුවේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

පොලිසිය සදහන් කළේ අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී  මෙම වෙඩි තැබීම සිදුවූ බවයි.

කල්මුණ පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මෝටර් රථයකින් පැනයමින් සිටි සැකකරුවෙකු ලුහුබැඳ තිබෙනවා.

ඔහු වේයන්ගොඩ ගුවන්පාලම අසලදී අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු සිය මෝටර් රථයෙන් පොලිසිය පැමිණි වෑන් රථය හරස් කිරීමට උත්සාහ දැරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එහිදී කළ වෙඩි තැබීමකින් අසල සිටි සාමාන්‍ය වැසියෙකුට තුවාල සිදුවී තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගත් අතර, වෙඩි පහරකින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියා වතුපිටිවල මුලික රෝහලට ඇතුළත් කෙරුණා.



(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post