දොස් නිසා ඇමතිලා අන්දොස් කළ ග්ලයිෆොසේට් වාර්තාව !

views 1145 2017-07-17 02:06:00 news

වැවිලි ක්ෂේත්‍රය තුළ ග්ලයිෆොසෙට් වල් නාශකය සීමිත තත්ත්ව යටතේ භාවිතා කිරීමට දමා ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයේ ගැටලු රැසක් ඇතැයි වාර්තා වේ.

අදාළ, අමාත්‍ය මණ්ඩල සංදේශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් 2017 ජුලි 07 වැනිදා ඉදිරිපත් කර තිබිණි.

එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරණ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාවක් පදනම්කර ගනිමිනි.

කෙසේවුවද, රජයේ වල්නාශක හා පලිබෝධ නාශක පිලිබඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට පත් කළ එම කමිටුවේ නිර්දේශ ආර්ථික කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගෙන නොමැති බවද පැවසේ.

වාර්තාව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ඉදිපත් නොකර ඍජුවම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම ගැටලු මතුකරන්නක් බවද වාර්තා වේ.

කමිටුවේ දහයයි වාර්තාවේ නමයයි !

රජයේ වල්නාශක හා පලිබෝධ නාශක පිලිබඳ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට පත් කළ එම කමිටුව සාමාජිකයන් 10 දෙනෙකු ගෙන් සමන්විත වන බව දක්වා තිබුණ ද කමිටු වාර්තාවේ ඇත්තේ සාමාජිකයන් 09 දෙනෙකුගේ නම් පමණක් වීමද ගැටලු මතු කිරීමට හේතුවී ඇත.

එම කමිටුවේ අත්සන නොයෙදූ සාමාජිකයා වන්නේ ජනාධිපති කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. සකලසූරිය මහතාය.

ඔහුගේ අත්සන නොමැතිවීම බරපතල තත්ත්වයක් වී ඇත්තේ ග්ලයිෆොසෙට් තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය සම්පාදනය කිරීම සඳහා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ඍජුව දායක වී තිබීම නිසාය.

කෙසේවුවද, සකලසූරිය මහතා එම වාර්තාවේ නිර්දේශ වලට එකඟ නොවන බව පසුගිය ජුනි 09 වැනිදා සෙමා ආයතයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අදාළ,  කමිටුවේ සාමාජිකයෙකු ලෙස ආචාර්ය රනිල් සේනානායක පත් කර ඇතත් ඔහුද එම කමිටු වාර්තාවට අත්සන් කර නොමැති බව වාර්තා වන අතර ඔහුගේ මතය පිළිබඳ ඇමිණුමක් ද එහි නොවීම කමිටුවේ විශ්වාසනීයත්වය හා වෘත්තීයමයභාවය පිළිබඳ සැක මතුකර තිබේ.

නාපු යාපාගේ ග්ලෆොසේට් සටහනුත් නෑ  

එම කමිටුව විසින් සම්පාදනය කර ඇති වාර්තාවට අනුව එම කමිටුව ස්ථාපිත කළ 2016 නොවැම්බර් 15 වැනිදායින් පසු එම කමිටුව රැස්වී ඇත්තේ දෙවතාවක් පමණක් බවද පැවසේ.

එමෙන්ම මෙම වාර්තාව නිකුත් කිරීමට අදාල දිනයක් ද එම ඇමිණුමේ සඳහන්ව නැතැයි වාර්තා වේ.

එම කමිටුවේ සාමාජිකයෙකු වූ සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පි. අයි. යාපා මහතා කමිටු රැස්වීම් දෙකටම සහභාගිව නැති අතර ඔහුගේ අත්සනද එහි නොවන බව පැවසේ. කෙසේවුවද ඔහු අත්සන නොයෙදූ හේතුවක් දක්වා නැතැයිද වාර්තා වේ.

ග්ලයිෆොසේට් පිළිකාවට හේතුවක් බව පිළිඅරං

මෙම කමිටු වාර්තාවේ ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට පටහැනි බව පැවසෙන අතර මෙම වාර්තාව මගින් ජාත්‍යන්තර පිලිකා පර්යේෂණ ඒජන්සිය විසින් ග්ලයිෆොසෙට් මිනිසා හට පිලිකාමය තත්ත්වයක් උදාකළ හැකි 2ඒ කාණ්ඩයට අයත්වන බව ප්‍රකාශයට පත් කර ඇති බව පිළිගෙන ඇත.  

එහෙත් එලෙස 2ඒ කාණ්ඩයක් එම ආයතනය විසින් හඳුන්වා දී ඇත්තේ මන්ද යන්න පිළිබඳ විද්‍යාත්මක තොරතුරු හා එම අනතුරු ඇඟවීමේ ඇති වැදගත්කම මෙම කමිටු වාර්තාව හරහා පැහැදිලිව ඉදිරිපත් කරද නැතැයි පැවසේ.

glifosatදැනට පවතින විද්‍යාත්මක ක්‍රමය නම් මිනිස් සිරුරට අවදානම් ඇති වීමේ සම්භාවිතාවයක් ඇති දෑ ඒවා මිනිස් සිරුරට අහිතකර නොවන බවට සහතික කරන තෙක් භාවිතා නොකර සිටීම බව විද්‍යාඥයෝ කියති.

කෙසේවුවද, ලොව පුරා සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ වලින් දිනෙන් දිනම තහවුරු වන්නේ ග්ලයිෆොසෙට් මිනිස් සිරුරට ඇති අහිතකර බලපෑම් ඇති බවයි.

තේ වගාවේදී ග්ලයිෆොසෙට් වල්නාශකයක් ලෙස භාවිතා කිරීමට පෙර භාවිතා කළ ග්‍රැමොක්සෝන් ද රජය විසින් භාවිතයෙන් ඉවත් කරනු ලැබුවේ මිනිස් සිරුරට අහිතකර බලපෑම් අති නිසාය.

ග්ලයිෆොසේට් හා වකුගඩු රෝගයේ සෘජු සම්බන්ධය

ග්ලයිෆොසෙට් පූර්ණ වල් නාශකය සහ රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තව යන වකුගඩු රෝගය අතර ඍජු සම්බන්ධයක් ඇතැයි මෙතෙක් විද්‍යාත්මකව සනාථ වී නැති බැවින් ග්ලයිෆොසෙට් තහනම් කිරීම යෝග්‍ය නොවන බව එම කමිටු වාර්තාවේ ඇතත් වකුගඩු රෝගයට හේතු පාදක වියහැකි සාධක කිහිපය අතර ග්ලයිෆොසෙට් ඇති බව විද්‍යාඥ මතය වේ.

එසේම එම සාධක කීපයක් හෝ කීපයක එකතුවක් හෝ නිසා වකුගඩු රෝගය ඇතිවන බැවින් ඒ කවරක්ද යන්න නිශ්චිත වනතෙක් එම සාධක සියල්ල වලකා ලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබීමද විශේෂිතය.

ඇමරිකාවේ ක්ලැෆෝනියා ප්‍රාන්තයේ ග්ලයිෆොසෙට් තහනම් කිරීමට ගත් ඓතිහාසික තීන්දුව පිළිබඳව සඳහන් කිරීමට ද මොන්සැන්ටෝ සමාගම එම තීරණය වැලැක්වීම සඳහා නීතිමය පියවර ගත්තද එම ප්‍රයත්නයන් පරාජයට පත්වීම ගැන කිසිදු සඳහනක් මෙහි නැතැයි පැවසේ.

ග්ලයිෆොසෙට් මගින් ලොව පුරා කෙරෙන විනාශය පිළිබඳව විභාගකිරීම සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් විනිශ්‍ය මණ්ඩලයකින් සමන්විත වූ මොන්සැන්ටෝ විනිශ්‍ය සභාව සිය තීරණය ප්‍රකාශයට පත්කළේ 2017 වසරේ අප්‍රේල් මාසයේ දීය.

එහිදී ඉදිරිපත් වූ චෝදනා 4 ක් සම්බන්ධයෙන් මොන්සැන්ටෝ සමාගම වරදකරු බවට තීරණය වූ අතර ඒ අනුව ඉන් විපතට පත් ජනතාවට වන්දි ලබාගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට නියමිතය.

එහිදී මතුවී බරපතලම චෝදනාව වූයේ මොන්සැන්ටෝ සමාගම සිය බලය භාවිතා කරමින් විද්‍යාඥයින් හරහා ව්‍යාජ විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම හා අවංකව කරන විද්‍යාත්මක පර්යේෂණ කරන විද්‍යාඥයින් හට විවිධ බාධා පැමිණවීමයි.tea

ග්ලයිෆොසෙට් තහනම තේ වගාවේ පැවැත්මට බරපතල තර්ජනයක් බව මෙම කමිටු වාර්තාවේ සඳහන් කර ඇතත් එය තහවුරු කිරීම උදෙසා කිසිදු සංඛ්‍යාලේඛයක් හෝ සාක්ෂියක් නොවන බවද පැවසේ.

තේ කර්මාන්තයේ බිඳවැටීමට පාදක වී ඇති අනෙක් කරුණු වලට වඩා ග්ලයිෆොසෙට් තහනම බලපා ඇති බවට සනාථ කිරීමට කිසිදු විද්‍යාත්මක කාරණයක් එම වාර්තාවේ සඳහන්ව නැතැයි පැවසේ.

ග්ලයිෆොසෙට් පූර්ණ වල්නාශකය තේ ගස් ඇති තැන්වලට නොයොදන අතර එය බොහෝ විට භාවිතා කරනුයේ තේ වගා කර ඇති භූමියේ පාලූ ඇති විටය.

එනම් තේ පඳුරු විනාශ වී ඇති ස්ථාන වල අළුතෙන් තේ පැල සිටවා නැති අවස්ථාවන්හි දීය. පාලූ ඇති තැන්වල ඇටෝරා වැනි වල් පැල මතුවන විට ඒවා විනාශ කිරීම සඳහා ග්ලයිෆොසෙට් භාවිතා විය.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ තේ වගා භූමි වලින් කවර වතු වල පාලූ සිටවා නැතිදැයි සඳහන් කිරීමට එම වාර්තාව අසමත් වී ඇති බවද පැවසේ.

ඇත්ත වශයෙන්ම ලංකාවේ තේ අස්වැන්නෙන් 75%ක්ම ලැබෙන්නේ කුඩා තේ වතු වලින් වන අතැ එහෙත් කුඩා තේවතු වලට සමස්තයක් ලෙස ගත්විට ග්ලයිෆොසෙට් තහනම බලපෑමක් සිදුව නැතැයි විශේෂඥයෝ කියති.

(under the courtesy of srilankamirror news web)

පුවත්

Recent Post