අමෙරිකාවේ Green Card සීමා වෙයි

views 421 2018-10-05 11:07:00 world

නීත්‍යානූකූල ක්‍රමවේදයන් හරහා අමෙරිකාවේ ස්ථීර පදිංචිය ලබාදෙන විදේශිකයින් සීමා කිරිමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ විධායක නියෝගයට අනුව මේ වන විට අමෙරිකාව වෙත පැමිණෙන සංක්‍රමණිකයින් අවම කිරිම සඳහා වැඩපිළිවෙල කිහිපයක් එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව ඉදිරියේදී ග්‍රීන් කාඩ් ක්‍රමය යටතේ අමෙරිකාවේ ස්ථීර පදිංචිය ලබාදෙන පිරිස සීමා කිරිමට ද අපේක්ෂිතයි.

ඉහළ කුසලතා දක්වන පුද්ගලයින් අමෙරිකාව සමඟ සහයෝගිතාවයෙන් කටයුතු කිරිම පහල හෙලන නියෝග ද නව ප්‍රතිපත්තීන් අතර වෙයි.

වැඩි වශයෙන් ඉන්දියානුවන් අමෙරිකාව වෙත පැමිණිම අධෛර්යමත් කිරිම එහි අරමුණ බව වාර්තා වෙයි.

නරේන්ද්‍ර මෝදි පාලනය යටතේ ඉන්දියාව රුසියාව දෙසට නැඹුරුවීම හේතුවෙන් අමෙරිකා - ඉන්දීයා රාජ් ත්‍රාන්ත්‍රික සබඳතා කිසියම් පසුබෑමකට ලක්ව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post