ඉන්දුනීසියාවේ මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් (ඡායා)

views 236 2018-10-01 01:29:00 world

පසුගිය සතියේදී ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පලු ප්‍රදේශයේ ඇති වූ භූකම්පන හා සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරනු ලැබේ.

මේ වනවිට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 832ක් වුවත්, මෙය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

මියගියවුන් සමූහ මිනීවලවල් හි වලදැමීමට කඩිනමින් පියවර ගන්නා බව ඉන්දුනීසියානු බලධාරීන් පවසයි.

මුදාවාගැනීමේ මෙහෙයුම් ඇතුළත් දසුන් කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන් ගේ ඇසට හසුවී තිබුණු අයුරු පහත දැක්වේ.

විපතට පත්වූවන් මුදවාගැනීමට දිවා රූ නොබලා කටයුතු කරන ලෙස එම ප්‍රදේශය වෙත ගිය ඉන්දුනීසියානු ජනපති ජොකෝ විඩොඩො මහතා ඉල්ලා ඇත. අන්තර්ජාතික සහය ලබාගැනීමට ද ජනපතිවරයා කැමැත්ත පළ කර ඇතිබව එරට ආයෝජන මණ්ඩල ප්‍රධානියා අද දිනයේදී (01) ට්විටර් පණිවිඩයක් මගින් නිවේදනය කර තිබුණි.

මේ අතර, ඉන්දුනීසියාවේ අධිකරණ අමාත්‍යංශය පවසා ඇත්තේ සුලවේසි දූපතේ ස්ථාන 3ක රඳවා සිටි අපරාධකරුවන් 1,200ක් පමණ මෙම ඛේදවාචකය අතරතුරදී පැනගොස් ඇති බවයි.


(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post