ගංවතුරෙන් නයිජීරියාවේ පුද්ගලයින් 200ක් මරුට

views 227 2018-09-28 08:57:00 world

නයිජීරියාවට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ අතර 9 හැවිරිදි දරියක්ද සිටින බවයි නයිජිරියානු බලධාරීන් සදහන් කරන්නේ.

මෙම ගංවතුර තත්ත්වයෙන් දැඩිව පිඩාවට පත්ව ඇත්තේ අන්ම්බාරා ප්‍රාන්තයේ වන අතර පසුගිය දින කිහිපය පුරාවට පැවති ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කර ඇති බව සදහන්.

මේ වන විට ගංවතුර තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 176,000 කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි නයිජිරියානු බලධාරීන්  වැඩිදුරටත් සදහන් කරන්නේ.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post