ක්‍රිකට් අර්බුධය ගැන සනත් කතා කරයි

views 494 2018-09-26 04:09:00 sport

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැනට පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බව හිටපු නායකයෙකු මෙන්ම විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සනත් ජයසූරිය මහතා පවසයි.

කණ්ඩායමේ වර්තමාන තත්ත්වය දෙස බැලීමේදී අතිශයින් වේදනාකාරී බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සනත් ජයසූරිය මහතා මේ බව සඳහන් කර තිබේ.

කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන ඇතැම් මූලික කරුණු නොදැන සිදුකරන වැරදි පිලිබඳව තමන් කම්පනයට පත් වූ බව ද  ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව එම පුවත්පත සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post