ගෑස් බෝලෙන් බිරිඳ, දුව මැරුවාට දිවි ඇති තෙක් සිපිරිගෙට

views 310 2018-09-20 04:05:00 world

යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළැයි යන චෝදනා ලබා සිටින හොංකොං වල නිර්වින්දන වෛද්‍යවරයෙකු වරදකරු ලෙස නම් කර තිබේ.

එම බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ ඇති අතර, බෝලයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා මරණයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනා මෙලෙස මියගොස් තිබුණේ 2015 වසරේදීය.

කෙසේ වෙතත්, සැකකරු විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණේ තමා මෙම බෝලයේ ආධාරයෙන් නිවසේ සිටින මීයන් මැරීමට ගැනීමට සිටි බවට පවසමිනි.

පැය 7ක් පමණ නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව නව-පුද්ගල ජූරියක් විසින් ඔහුව වරදකරු ලෙස නම්කර ජීවිතාන්නය දක්වා සිරදඬුවමක් නියම කර තිබේ.


(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post