කාන්තාවන් අපයෝජනය කළ නාට්‍ය අධ්‍යක්ෂකවරයාට වැඩ වැරදුන හැටි

views 258 2018-09-20 11:26:00 world

ලිංගික අපයෝජන චෝදනා කිහිපයකට වරදකරු වූ දකුණු කොරියානු  වේදිකා නාටය අධ්‍යක්ෂකවරයෙකු හට වසර 06ක සිර දඩුවමක් ලබාදී තිබේ.

ලී යූන් ටයීක් නැමැති අදාළ අධ්‍යක්ෂකවරයා වේදිකා නාට්යේ පුහුණුවීම් අතරතුර විවිධ අවස්ථාවන් වලදී ඒ සඳහා සහභාගී වූ කාන්තාවන් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

තමන් අපයෝජනයට ලක් වූ බව පවසමින් කාන්තාවන් 17 දෙනෙකු අදාළ අධ්‍යක්ෂවරයාට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි.

කාන්තාවන් අපයෝජනයට ලක් කිරීමට එරෙහිව  ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමාජ ව්‍යාපාරයක චූදිත ලැයිස්තුවේ මෙම සැකකරු ඉදිරියෙන් පසු වූ අයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post