"මිල සුත්‍රයෙන් වෙන්නේ තෙල් මිල වැඩිවෙන එක විතරයි" මිල සූත්‍රය අහෝසියි ? ජනපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

views 476 2018-09-14 04:30:00 news

ඉන්ධන මිල සුත්‍රයෙන් ඉන්ධන මිල ඉහළ යනවා විනා පහල යන්නේ නැතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අද පෙරවරුවේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්න සමඟ පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය හමුවේ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළීබඳව ඉදිරියේ දී එන අයවැයත් සමඟ තීරණය කරන බවද ජනාධිපතිවරයා පවසා සිටියා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවන විට දේශීය වෙළෙඳපොලේ මිල වැඩි වීමත්, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවන විට දේශීය වෙළෙඳපොලේ මිල අඩුවීමටත්,මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබු බව කී ජනාධිපතිවරයා  එහෙත් සිදුවන්නේ එය හඳුන්වා දුන් දින සිට තෙල් මිල ඉහළ යාම බවද කීවේය.

තමාට ද ඒ සම්බන්ධයෙන් දැඩි විචේචන තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post