දකුණේ ආණ්ඩුකාරවරයා සැප වාහනෙ එපා කියයි

views 338 2018-09-14 11:29:00 news

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට හිමි නිල වාහනය මිලදී ගැනීම සඳහා පළාත් සභාව රුපියල් ලක්ෂ 430ක මුදලක් වෙන්කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ප්‍රතික්ෂේප කර ඇත.

දකුණු පළාත් සභාවේ ඇමැති මණ්ඩල තීරණයක් අනුව මෙම මුදල වෙන්කර ඇති අතර එවැනි වටිනාකමකින් යුත් වාහනයක් තමාට අවශ්‍ය නැති බව ආණ්ඩුකාරවරයා පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

වෙන් කරන ලද මුදල, දකුණු පළාතේ සංවර්ධන කටයුතු සඳහා සහ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘති වැඩසටහන් සඳහා යොදවන ලෙසද ආණ්ඩුකාරවරයා පළාත් ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.


(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post