ඉන්ධන මිල වැඩිවීමට මම විරුද්ධයි - හලීම්

views 251 2018-09-14 11:26:00 news

වර්තමානයේ ඉන්ධන මිල වෙනස් විම කෙරෙහි තමන්ගේද එතරම් පැහදීමක් නොමැති බවත් එය මහජනතාවට සිදුවන අසාධාරණයක් බවත් එම නිසා එය වෙනස් විය යුතු බවත් තැපල් තැපල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ. එච්. එම්. හලීම් මහතා ප‍වසයි.

ඊයේ (13 දා) මහනුවර අකුරන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ග‍්‍රාම ශක්ති වැඩ සටහන යටතේ එම ප‍්‍රදේශයේ ජනතාව සඳහා උපකරන බෙදාදීමේ අවස්ථාවට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එසේ අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ඒකාබද්ධ විපක්ෂය විසින් ක‍්‍රියාත්මක කළ ජනබල මෙහෙයුම අසාර්ථක වීම මත එම පිරිස් විසින් විවිධ ආකාරයේ චෝදනා සිදු කරනවා. කිරි පැකට් කථාව එවැනි එක් චෝදනාවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන එය රකින මෙන්ම රටේ නැතිවී තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ලබා දී ආරක්ෂා කරන මෙම රජය මෙන්ම එක්සත් ජතික පක්ෂය කිසිම විටෙක තම විරුද්ධවාදින්ට අසාධාරණ ලෙස නොසලකන පක්ෂයක් . පෙළපාලියකට හෝ විරෝධතාවයකට හෝ වෙනත් කිසියම් කටයුත්තකට පිරිස් රැගෙන යන අය මේ සඳහා වගකිව යුතුයි" යැයි පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේදී ඉදිරි ජනාධිපතිවරනය සඳහා එතුමන්ගේ සහෝදරයා සුදුසු බවට කළ ප‍්‍රකාශය පිළිබඳව අදහස් විමසා සිටීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ මහින්ද මහතාගේ එම ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවයි. ජනාධිපතිවරනය සඳහා කවුරු පැමිණියද එය තමන්ට අභියෝගයක් නොවන බව ඔහු වැඩිදුරටත් කීය.


(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post