යුද හමුදාපති ‘ඉඩි අමීන්ට’ සමාන කළ ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය හා අමාත්‍යධූර ඉවතට..?

views 782 2018-09-14 10:47:00 news

වෙල් විදානේ කෙනෙකු හෝ නොකරන වැඩ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය ධුරය ඉවත් කළ යුතු බවත්, සරත් ෆොන්සේකා මහතා විසින් යුද හමුදාපතිවරයා අපකීර්තියට පත්වන ආකාරයට ප්‍රකාශ සිදු කරන බවත් උපලේකම්වරයා පැවසීය.

පසුගියදා මාධ්‍යවේදින් විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී ෆොන්සේකා මහතා පවසා සිටියේ වත්මන් හමුදාපතිවරයා තට්ටේ ගාගෙන ‘ඉඩි අමීන්’ වගේ සිටින බවත් එවන් හමුදාපතිවරුන් ලෝකේ කොහේවත් තමන් දැක නැති බවයි.

වසර හතළිහක් හමුදාවේ සේවය කළ හමුදාපතිවරයෙකුට යුද්ධය තිබියදී රටේ තත්ත්වය තේරුම්ගත හැකි වූයේ නම් යුද්ධය නැති අවස්ථාවේ රටේ තත්ත්වය තේරුම් ගත නොහැකි යයි වත්මන් හමුදාපතිවරයා සිතන්නේ නම් ඔහු වල්ගය පාගාගෙන ඇතැයි ද ෆොන්සේකා මහතා එහිදී පවසා සිටියහ.

මේ අතර හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා, වත්මන් හමුදාපතිවරයා පිළිබඳ කළ ප‍්‍රකාශයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13) පැවති කැබිනට්සි මණ්යඩල රැස්වීමේදී සිය අප‍්‍රසාදය පළ කර ඇති බවද වාර්තාවේ.

(under the courtesy of lankaleadnews.com web)

පුවත්

Recent Post