අගමැති මෝදිගෙන් ඉන්දීය විපක්ෂයට චෝදනා

views 86 2018-09-10 02:52:00 world

ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂය යනු අසාර්ථක පක්ෂයක් බව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. එසේම කොංග‍්‍රස් පක්ෂයට නායකත්වය දෙන රාහුල් ගාන්ධි ද අසාර්ථක නායකයෙකු බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. කොංග‍්‍රසය ප‍්‍රමුඛ එරට සියලූ විපක්ෂ කණ්ඩායම් පාලක භාරතීය පක්ෂයට එරෙහිව සටන් කරන නමුත් ඔවුන් පවසන හා සිදු කරන සෑම දෙයක්ම අසාර්ථක බව ඊයේ (09) පැවැති ජන රැළියකට එක්වෙමින් අග‍්‍රාමා්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේවෙතත් කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රභලයෙකු වන ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං මීට පෙර චෝදනා කළේ නරේන්ද්‍ර මෝදි යනු අසාර්ථක අග‍්‍රාමාත්‍යවරයෙකු ලෙසටයි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post