පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද? තීරණය අද රාත්‍රියේ

views 611 2018-07-15 01:02:00 sport

කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ එකම කුසලානයක් උදෙසා තරග වැදුණු 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ.
ඒ, අපරාජිත ක්‍රොඒෂියාව හා ප්‍රබල ප්‍රංශය අතරයි.

අවසන් මහා තරගය අද රුසියාවේ, මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලෝකය පුරා පාපන්දු ලෝලීන් මාසයක් තිස්සේ උන්මාදයට හා කුතුහලයට පත් කළ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රාත්‍රියේ නිමාවට පත් වන්නේ ප්‍රංශය හෝ ක්‍රොඒෂියාව ශූරයන් බවට පත් කරමින්.

ප්‍රංශය මීට පෙර අවස්ථා 2කදී අවසන් මහා තරගය ක්‍රීඩා කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබේ.

ඒ, 1998දී ය. 2006 වර්ෂයේ පැවති ලෝක කුසලානයේ අනු ශූරයින් බවට ප්‍රංශ කණ්ඩායම පත් විය.

ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලානයක අවසන් මහා තරගයට පැමිණියේ පළමු වරට වීම විශේෂත්වයකි.

පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රි 8.30ට ආරම්භ කෙරේ.

(under the courtesy of newsfirst.lk web)

පුවත්

Recent Post