අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 5 දෙනෙකු මරුට

views 576 2018-06-29 09:00:00 world

අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය.

මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් අමෙරිකානු පුවත්පත් කාර්යාලයේ ප්‍රවෘත්ති කාමරය තුළට එහි වීදුරු දොර ඔස්සේ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ, සුදු ජාතික සන්නද්ධ තුවක්කු කරුවෙකු විසිනි.

20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව මේරිලෑන්ඩ් පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කළේ, මෙය අහිංසක මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයක් බව ය.

සිත් පිත් නැති ප්‍රචණ්ඩකාරී දුෂ්ඨ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සාරා සැන්ඩර්ස් කියා සිටියා ය.

(under the courtesy of newsfirst.lk web)

පුවත්

  • අධික ශීතලෙන් බලපෑම්

    ඉන්දියාවේ හිමාලයා කලාපයට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.එහි පහළම උෂ්ණත්වය ශ්‍රී නගර් වෙතින් වාර්තා වූ අත
  • ගාසා තීරය යළි උණුසුම්

    යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් පලස්
  • දුර්ලභ රෝස පැහැති දියමන්තියක්

    දුර්ලභ ගණයේ රෝස පැහැ දියමන්තියක් අද 13 දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වීම
  • ලෝක නායකයින්ට ඉල්ලීමක්

    ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි.පළමු ලෝක යුද්
  • පළමු වරට සෘජු සාකච්ඡා

    ඇෆ්ගනිස්ථානය හා තලෙයිබාන් සංවිධානය සාම සාකච්ඡා පැවැත්වීම සඳහා සැලසුම් කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කලේ රුසි

Recent Post