අරක්කු සිගරැට් මුකුත් නෑ..! අනවශ්‍ය වියදම් වලින් ක්‍රීඩා පිටියක් ඇතුලු පොදු සේවාවන් රැසක් කරලා..! ලෝකයටම ආදර්ශයක් දුන් ලංකාවේ මංගල උත්සවය...! (PHOTOS)

views 366 2018-06-13 12:07:00 news

විවාහ මංගල උත්සව වලදී අරක්කු, සිගරැට් හා කට ගැස්ම වලට විශාල වියදමක් වෙන් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. කොහොම වුනත් මේ නිකරුනේ මේ දේවල් වලට වැය කරන මුදල උතුම් ක්‍රියාවකට වැය කරමින් සිදුකල අපූරු විවාහ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයෙන් වාර්තා වුනා.

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප‍්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ විසින් තම විවාහ මංගල උත්සවයේ අනවශ්‍ය වියදම් කපාහැර ඒ මුදලින් අහුන්ගල්ල කටුවිල කණිටු විදුහලට අඩුපාඩුවක්ව පැවති ක‍්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සදහා ක‍්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් කිරීම යන කාර්යයන් සිදුකර තිබෙනවා.

මෙම විවාහ මංගල උත්සවය මෙවැනි ආකාරයකට පැවැත්වීමට අදහසක් පලවූ  ආකාරය පිළිබඳව   මනාල මහතාගේ පියාවූ ආචාර්ය පිටියගේ ජයසේන මෙලෙස සඳහන් කලා.

මේ පාසලට ක‍්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. විදුහල්තිතුමා මීට මාස දෙකකට පමණ ඉහතදී මට කතා කරල කිව්වා ක‍්‍රීඩා පිටිය සකස් කර ගැනීමටත් පොඩි ක‍්‍රීඩා මණ්ඩපයක් හදා ගැනීමටත් අවශ්‍යයි කියල. මමත්, මගේ පියා වූ කොස්ගොඩ ගම් සභාවේ හිටපු උප සභාපති පිටියගේ දාවිත් අප්පුහාමි මහතාත් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ. මගේ පුතාගෙ විවාහ මංගල්‍යයට දින යොදා ගෙන තිබුණේ. මගුල් ගෙදර කටයුතු ගැන සාකච්ජා කරන විටදී අරක්කු සිගරැට් හා කට ගැස්ම වලට පමණක් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වෙන බව වැටහුණා.

ඒ වෙලාවේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමත් සිහියට නැගුණා. අරක්කු වලට නිකරුණේ වැය කරන මුදලින් නැසී ගිය පුතාගේ සීයා සිහිවීමටත්. පුතා ඉගෙන ගත් පාසලටත්, ගමටත් සේවයක් ලෙස ක‍්‍රීඩාපිටිය, ක‍්‍රීඩා මණ්ඩපය හා බස් නැවතුම ඉදිකිරීමට තීරණය කළා. අද මගුල් ගෙදරක් කරන විට දරන්න බැරි විශාලම වියදම තමයි අරක්කු හා සිගරැට් වලට යන වියදම. එයින් ඇති ඵලයකුත් නැහැ. මම මේ යෝජනාව ගෙනා විට පුතා බොහොම සංතෝෂයෙන් කැමති වුණා. මෙම සේවාවන් ඉටුකිරීමට හැකිවිම ගැන සතුටු වෙනවා. ඇත්තෙන්ම මෙය රටට ඉතා හොද ආදර්ශයක්. මතට තිත තැබිය හැක්කේ මෙවැනි කාරණා තුලින් විතරක් පමණයි.

පළමුව මනාල යුවළ විසින් බස්නැවතුම පොළ විවෘත කරන ලද අතර දෙවනුව ක‍්‍රීඩාගාරයත් ක‍්‍රීඩා පිටියත් විවෘත කලා. මනාලිය එවන ලද පන්දුවකට පහර දී ලකුණු හතරක් රැස් කරමින් මනාල මහතා ක‍්‍රීඩාපිටිය විවෘත කරනු ලැබුවේ කාගෙත් අත් පොළසන් හඩ මධ්‍යයේය. මේ අවස්ථාව දැක බලා ගැනීමට පාසල් සිසු සිසුවියන් මෙන්ම ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියා.


(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post