කණ්ඩලම වැවු තාවුල්ලේදී අමුතු වැඩක් කර ‘මුහුණු ‍පොතේ වීරයින්‘ වෙන්න ගිය හතරකට දඹුල්ලේ පොලීසියෙන් පාඩමක්!

views 625 2018-06-13 11:22:00 news

තියුණු ආයුධ අතැතිව මුහුණු ‍පොතේ වීරයින් ලෙස රඟපාමින් ඡායාරූප පළකල තරුණයින් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දඹුල්ල ‍පොලීසිය කටයුතු කර තිබේ.

අදාළ තරුණයින් වයස අවුරුදු 18ත් 21 අතර වයසේ පසුවන පාසල් හැරගියවුන්ය. මොවුන් දඹුල්ල, කණ්ඩලම, ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර බිමත්ව කණ්ඩලම වැවේ විවිධ බිහිසුණු ක්‍රියාවන් රඟදක්වමින් හා ඡායාරූපගත කරමින් හැසිරී තිබේ. 

පසුව ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයකු මොවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව දෝෂාරෝපණය කර ඇති අතර ඉන් කුපිත වූ තරුණයින් පිරිස වැඩිහිටි පුද්ගලයාට පහරදී තිබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ පිළිබඳව ‍පොලීසියට පැමිණිලි කර ඇත.එම පැමිණිලි කිරීමෙන් පසු අදාළ තරුණයින් පිරිස ප්‍රදේශය මගහැර ගොස් සිට දින කීපයකට පසු නීතිඥවරයකු මාර්ගයෙන් ‍පොලීසියට භාරවීමෙන් පසු එම තරුණයින්ගේ මුහුණු ‍පොත් පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ අතැතිව වීරයන් ලෙස පෙනී සිටින දර්ශන තිබි ඇත.

පොලිස් නිලධාරීන් විසින් අදාළ තරුණයින්ට මේවායේ ඇති භයානකකම හා අනතුරුදායක බව පිළිබඳව හා යෞවන වයසේ සාධනීය ක්‍රියාවන් පිළිබඳව උපදේශනයක් ලබාදී ඔවුන් පිළිබඳව ‍පොලීසිය නිරන්තර අවධානයෙන් පසුවන බවට අවවාද කර ‍පොලිස් ඇප මත ඔවුන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.


(under the courtesy of nethgossip.lk news web)

පුවත්

Recent Post