සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 9ක් මරුට

views 364 2018-06-04 09:41:00 world

සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් තුර්කිය ආසන්න මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබේ.

එහි ගමන්ගත් පස් දෙනෙකු අනතුරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙයි.

සරණගාතයින් 15 දෙනෙකු රැගත් බෝට්ටුවක් තුර්කියේ දකුණුදිග  මුහුදේදී අනතුරට පත්ව තිබේ.

අනතුරට පත් පිරිස ආධාර ඉල්ලා සංඥා කරන අයුරු හෙලිකොප්ටර් කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

තුර්කි වෙරළාරක්ෂකයින් විසින් පස් දෙනෙකුගේ දිවි බේරා ගෙන ඇති අතර  එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අප්‍රිකාවේ සිට වාර්ෂිකව මිලියනයක පමණ සරණාගතයින් පිරිසක් මධ්‍යධරණී මුහුද ඔස්සේ  යුරෝපයට සංක්‍රමණය වෙයි.

ඒ සඳහා යොදා ගන්නා අනාරක්ෂිත බෝට්ටු නිසා ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මෙලෙස අනතුරට ලක්වන බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

Recent Post