බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකාව පුහුණු තරගය අද

views 122 2018-05-30 11:01:00 sport

බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි සංචාරයක නිරත ශ‍්‍රි ලංකා කණ්ඩායම අද (30) පුහුණු තරගයට එක් වෙනවා. ඒ කොදෙව් කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිවයි. ටි‍්‍රනිඩෑඞ්හි බ‍්‍රයන් ලාරා කි‍්‍රඩාංගනයේ පැවත්වෙන එම තරගය ශ‍්‍රි ලංකා වේලාවෙන් රාත‍්‍රි 7:30ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ශ‍්‍රි ලංකාව මෙම තරග සංචාරයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ටෙස්ට් තරග 3කටද එක් වීමට නියමිතයි. ශ‍්‍රි ලංකා පිල එරටදී ටෙස්ට් තරගයක් සදහා එක් වන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන ජූනි මස 06වනදා ආරම්භ වනවා.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post