බස් ගාස්තු වැඩි වුණේ මෙහෙමයි

views 316 2018-05-16 03:04:00 news

​ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්  බස් ගාස්තු සියයට 6.56 කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ (15) තීරණය කළේය.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 10 ලෙසම තැබීමට තීන්දු කළ අතර ගමනාගමන කොමිෂන් සභාව විසින් ඒ අනුව වෙනස් වන බස් ගාස්තු අද (16) ප්‍රකාශයට පත් කර තිබිණි.

පැවති ගාස්තුව    නව ගාස්තුව
10                        10
13                        14
17                        18
21                        23
25                        27
29                        31
34                        36
කෙසේ වෙතත් සියයට 6.56 ක් ලෙස බස් ගාස්තු ඉහළ දැමිමට රජය ගත් තීරනය පිළිබඳ  බස් සංගම් ඊයේ සිය විරෝධය පළ කළ අතර ඔවුන් ඊට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව ප්‍රකාශ කළේය.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post