වැව් රක්ෂිතයෙන් පිය පුතු සිරුරු හමුවෙයි

views 188 2018-05-16 01:04:00 news

වවුනියාව පාවක්කුලම රක්ෂිතයේ තිබි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද(16) උදැසන සොයාගෙන ඇති බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පියෙකුගේ හා වයස අවුරුදු 15 ක දරුවෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.

මියිගිය පුද්ගලයින් පියා හා පුතා වන බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

මරණයන්ට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, පෙරියඋළුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(under the courtesy of srilankamirror.lk news web)

පුවත්

Recent Post