ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරගයක් අද

views 622 2018-03-12 10:49:00 sport

නිදහස් කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව සහභාගි වන තීරණාත්මක තරගය අද (12) පැවැත්වෙනවා.

රාතී‍්‍ර 7.00 ට තරගය ආරම්භ වන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි.

කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජය ගෙන සිටිනවා. ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිම සදහා අද තරගය ජය ගැනීම දෙපිළටම අතිශය වැදගත්. 

ශී‍්‍ර ලංකාව අද තරගයට එක්වන්නේ නව නායකයෙක් යටතේයි. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයේදී නියමිත කාලසීමාව තුළ පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරිමේ චෝදනාවට තරගාවලියේ ඉදිරි තරග දෙකක් දිනේෂ් චන්දිමාල්ට අහිමිවීම හේතුවෙන්. ඒ අනුව අද තරගයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ තිසර පෙරේරායි.

(under the courtesy of nethnews.lk news web)

පුවත්

Recent Post