සිරියාවේ ගැටුම්වලින් පුද්ගලයින් 600 වැඩි පිරිසක් මරුට

views 540 2018-03-05 09:07:00 world

දහස් ගණන් ජනතාව සිරියාවේ නැගෙනහිර ගෝථා ප්‍රදේශය අතහැර පලායමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

නිරික්ෂණ සංවිධාන උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ සිරියානු රජය හමුදා එල්ල කළ ප්‍රහාරවලින් එම ප්‍රදේශයට මෙන්ම සාමාන්‍ය වැසියන්ට ද බරපතල හානි සිදුව ඇත.

කැරලිකරුවන් රැසක් වාසය කරන නැගෙනහිර ගෝථා ප්‍රදේශයට රුසියාවේ ද සහය ඇතිව සිරියානු රජයේ හමුදා පසුගියදා ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත.

ඒ අනුව රජයේ හමුවේ මේ වන විට එම ප්‍රදේශයෙන් සියයට 25ක ප්‍රදේශයක් අත්පත් කරගෙන තිබේ.

මේ අතර එම ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 600කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඒ අතර කුඩා ළමුන් ද සිටින  විදෙස් වාර්තා සඳහන් කරයි. 

පුවත්

Recent Post